2024 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා නාමයෝජනා භාරගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව 2024 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීමේ නිවේදනය අද (26) ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරියා විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා.
එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරන්නේ, අද සිට සැප්තැම්බර් 11 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකි බවයි.
මේ අතර, දැනට විසිරුවා ඇති ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද නාම ලේඛණය මේ වන විට ප්‍රදර්ශනයට යොමු කර ඇති බව ගාල්ල නියොජ්‍ය මැතිවරණ කාර්යාලය පවසනවා.
ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඇල්පිටිය ප්‍රාදේශීය සභාව, ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලුම ග්‍රාම නිලධාරි කාර්යාලවල සහ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ එම ඡන්ද ලේඛණය ඒ අනුව ප්‍රදර්ශනය කර ඇති බව සදහන්.
2019 වසරේ ඔක්තෝම්බර් මස 11 වන දින පැවති ඡන්ද විමසීමේදි එහි බලය පොදුජන පෙරමුණට හිමිවුණා.
අනතුරුව පසුගිය වසරේ ජුලි මස එහි නිල කාලය අවසන් කිරීමට නියමිතව තිබියදි ගැසට් පත්‍රයක් මගින් මේ වසරේ නොවැම්බර් 04 වන දින දක්වා එම සභාවේ කාලය දිර්ඝ කිරීමටයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගනු ලැබුවේ.
කෙසේ වෙතත්, අයවැය දෙවරක් පරාජයත් සමග ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අහිමි විම හේතුවෙන් එහි පාලනය මේ වන විට එම සභාවේ ලේකම්වරයාට හිමිව තිබෙනවා.
ඒ අනුව, ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා නාමයෝජනා කැඳවීමේ බලය පසුගිය මැයි 04 වන දා සිට මැතිවරණ කොමිසමට හිමිව ඇති බව සදහන්.




