spot_img
spot_img

රනිල්ගේ බොරු පොරොන්දු ගැන නලීන්ට කේන්ති ගිහින්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල ජනතාවට විවිධ පොරොන්දු ලබා දෙමින් සිටින බවත් නමුත් ලබා දී තිබෙන පොරොන්දු තවම ඉටු කර නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා.

පොරොන්දු ලබා දීමට පෙර ගොවි ජනයාට පොහොර සහනාධාරයට රුපියල් 15,000ක මුදල් ලබා දී සිටින ලෙසත් ඔහු එහිදී පෙන්වා දුන්නා.

නලීන් බණ්ඩාර මහතා පවසන්නේ,කෘෂිකාර්මික උපකරණ මත පනවා තිබෙන බදු සහනයද සජිත් ප්‍රේමදාස මහතාගේ රජයක් යටතේ ලබා දීමට පොරොන්දු වන බවයි.

ඔහු මේ බව කියා සිටියේ, ඊයේ (25) හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නලීන් බණ්ඩාර මහතා :

“දැන් මේ දවස් වල රනිල් වික්‍රමසිංහ මහත්තයා පොරොන්දු මල්ලක් දෙනවා. අරක දෙන්නම් මේක දෙන්නම් කියනවා. අරක දෙන්න මේක දෙන්න කලින්, ගොවියගේ පොහොර සහනාධාරෙට රුපියල් 15,000 දීලා ඉන්න. ලැබුණද පොහොර සහනාධාරේ? තාම ලැබිලා නෑ. රනිල් වික්‍රමසිංහල බද්ධ නිසා අද උදළුතලයක් ගන්න ගොවියට රුපියල් හාරදාහක් පන්දාහක් වියදම් කරන්න වෙලා තියෙනවා .ඒ නිසා කෘෂිකාර්මික උපකරණ මත පනවා තියෙන බදු සහනය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ රජයක් යටතේ අපි ලබා දෙනවා කියන පොරොන්දුව අපි දෙනවා”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...