ක්ලබ් වසන්ත ඝාතනනයේ එක් වෙඩික්කරුවකු වන 31 හැවිරිදි පැටී අරඹගේ අජිත් රෝහණ අද (23) දින දෙහිවල පොලිස් වසමේ කවුඩාන ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන් ම අතුරුගිරිය ප්‍රදේශයෙන් නිවසක් කුලියට ගැනීම සහ වෙඩික්කරුවන් බස් රථයෙන් කතරගම දක්වා රැගෙන ගිය පුද්ගලයා වන වයස අවුරුදු 29ක් වූ තාරුකාර වරුණ ඉන්දිකද සිල්වා නැමැත්තාද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නගේ මෙහෙයවීම මත ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය බාර ජේශ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් ප්රමුඛ කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.
මේ සමග ටී-56 ගිනි අවියක් හා උණ්ඩ 120ක් හා මිලිමීටර් 9 පිස්තෝල උණ්ඩ තොගයක් සොයාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.




