ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එම කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ගතවූ පැය 24ක කාලය තුළ පමණක් මැතිවරණ පැමිණිලි 65ක් වාර්තා වී ඇති බවත් එය මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් බවයි.
තවද පසුගිය ජූලි 31 වැනිදා සිට ඊයේ (22) දක්වා ගතවූ කාලය තුළ මැතිවරණ පැමිණිලි 836ක් වාර්තා වී වූ බවද මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.




