spot_img
spot_img

රියදුරු බලපත් අවලංගු කිරීම ගැන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

රියදුරන් විසින් 2009ට පෙර ලබා ගන්නා ලද රියදුරු බලපත්‍ර ඉදිරි මාස තුන ඇතුළත අවලංගු කිරීමට මෝටර් රථ දෙපාර්තමේන්තුව කටයුතු කිරීමට සූදානම් කරමින් සිටින බවට පළවන ප්‍රවෘත්තිය සම්බන්ධව එම දෙපාර්තමේන්තුව විසින් කරුණු පැහැදිලි කර තිබේ.

ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ විරසිංහ මහතා පවසන්නේ එවැනි රියදුරු බලපත් අවලංගු කිරීමක් පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණයක් මෝටර් රථ දෙපාර්තමේන්තුව හෝ රජය විසින් මෙතෙක් ගෙන නොමැති බවය.

කෙසේ නමුත් ප්‍රවාහන අමාත්‍යාංශය සමග සාකච්ඡා කර මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සලකා බලා රියදුරු බලපත්‍රයට අසාදු ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීම සඳහා කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව ඔහු පවසයි.

ඒ අනුව ඉදිරි මාස තුන ඇතුළත මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අදාළ මූලික කටයුතු මේ වනවිට නිර්මාණය වෙමින් පවතින බව අද (22) පැවති මාධ්‍ය හමුවේදී ඔහු පැවසීය.

නව ක්‍රමවේදය හරහා රියදුරෙකු රථවාහන වරදක් සිදුකිරීමෙන් පසු රථවාහන පොලිස් නිලධාරියා විසින් ලබාදෙන දඩ පත්‍රිකාව අනුව එම අවස්ථාවේදීම දඩ මුදල් ගෙවීම සඳහා වූ ඩිජිටල් පද්ධතිය සකස් වී ඇති බවත් එම වරදට හිමිවන දඬුවම් ලකුණු ප්‍රමාණය රියදුරු බලපත්‍රයට එකතු වෙනු ඇත.

මෙම අසාදු ලකුණු ක්‍රමවේදය ලකුණු 24ක් දක්වා ආ පසු රියදුරු බලපත්‍රය අවලංගුවීම සිදුවනු ඇති බවද ඔහු පවසයි.

එසේ අවලංගු වන රියදුරු බලපත්‍රය නැවත ලබාගැනීම සඳහා රියදුරෙකු වසරකට පසු නැවත මුල සිට සියලු කාර්යයන් සම්පූර්ණ කර පැමිණිය යුතුව තිබේ.

දිනකට මෙරට මහා මාර්ගයේ මිය යන පිරිස 7 දෙනෙක් බවත් රිය අනතුරු හේතුවෙන් පූර්ණ ආබාධිත තත්ත්වටයට පත් වන පිරිස් ද ඉහළ යමින් පවතින බැවින්ද මහා මාර්ගයේ විනයක් ඇති කිරීම සඳහා මෙම ක්‍රමවේදය හඳුන්වා දීමට පියවර ගන්නා බව කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...