පළාත් පාලන ඡන්දය කල් දැමීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
කොළඹදී පැවති සම්මේලනයක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
නව ජනතා පෙරමුණේ ජාතික මහා සම්මේලනය මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.
මෙම අවස්ථාව සඳහා වත්මන් ජනාධිපති ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ද එක්වුණා.




