spot_img
spot_img

මතභේදාත්මක භාණ්ඩාගාර බිල්පත් මිලදී ගත් අයට වැඩ වරදී

2012 වසර වන විට ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්වී තිබියදී, ඒ බව දැන දැනම ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට රු. 1,843,267,595.00ක පාඩුවක් සිදුකරමින් දූෂණයක් සිදුකිරීම සම්බන්ධයෙන් සිදු කරන ලද පැමිණිල්ලකට අදාළව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විමර්ශනයක් සිදු කරනු ලැබුවා.

එම විමර්ශන කටයුතුවලින් අනතුරුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව චූදිතයින්ට විරුද්ධව කොළඹ මහාධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා.

මෙහි චූදිතයින් පහතින් දැක්වේ

1. හිටපු මහ බැංකු අධිපති නිවාඩ් අජිත් ලෙස්ලි කබ්රාල්,

2. කන්කානම් ගමගේ දොන් ධර්මසේන ධීරසිංහ

3. බෙන්ඩරගේ දොන් වසන්ත ආනන්ද සිල්වා

4. චින්ද්‍රසිරි ජයසිංහ පණ්ඩිත සිරිවර්ධන

5. හරංකහ ආරච්චිලාගේ කරුණාරත්න

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...