තවත් රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
ඒ අනුව වඩිවේල් සුරේෂ් කම්කරු හා රැකී රක්ෂා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් අලි සහීර් මවුලානා මහතා සංවර්ධන ව්‍යාපෘති රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන් බව වාර්තා වනවා.
සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පසුගියදා රනිල් වික්‍රමසිංහ මහතාට සහය පලකිරීමට ආණ්ඩුවට එක්වූ අතර මුස්ලිම් කොන්ග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා මහතාද ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වන බවට පවසමින් පසුගියදා ආණ්ඩුවට එක්වූවා.




