බලශක්තිය, විදුලි බිල, ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්තිය පිළිබඳ ඕනම විවාදයකට සූදානම් බව විදුලිබල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
ජනතා විමුක්ති පෙරමුණ බලාගාර ඉදිකිරීම අවහිර කරමින්, ඒවා දේශපාලන ප්‍රශ්න බවට පත් කරගෙන කළ බාධා නිසා රටේ බලශක්ති ක්ෂේත්රය අර්බුදයකට ගිය බවයි ඔහු පවසන්නේ.
කොළඹ ලොරිස් මාවතේ පිහිටි කාර්යාලයේ දී ‟පුළුවන් ශ්‍රී ලංකා” මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කළා.
කරන සෑම ක්‍රියාවකටම විරුද්ධ නොවී සිටිමේ ප්‍රතිපත්තියට පැමිණියහොත් රටක් ලෙස ඉදිරියට යෑමට හැකි බවත් රටට නායකයෙක් ලෙස තෝරා ගත යුත්තේ ඇවිත් සිදුකරන බවට පවසන කෙනෙක්ද? නැතිනම් සිදු කර පෙන්වා තියෙන කෙනෙක්දැයි බවට අමාත්‍යවරයා එහිදී පැවසුවා.




