දේශපාලන පක්ෂ දෙකට කැඩිමට හැකි ලෝකයේ එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී වි.රාධාක්‍රිෂ්ණන් මහතා පවසනවා.
ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (19) කොත්මලේ ප්‍රදේශයේ පැවති රැස්විමක් අමතමින්.
ඔහු පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය, ශ්‍රි ලංකා නිදහස් පක්ෂය, ඒල්.ටි.ටි සංවිධානය, ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ යන දේශපාලන පක්ෂ දෙකට කඩා දමිල ප්‍රගතිශිලි සන්ධානයේ මන්ත්‍රිවරයෙකුද ඔහුගේ සහයට ලබාගත් බවයි.
මේ රටේ පෝලිම් යුගය ඇති කිරිමට දායක වු ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන් පිරිසක් එක් කර ගනිමින් මේ රට සෞභාග්‍ය කරා රැගෙන යන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කලද එය සිදු කිරිමට ඔහු වටා සිටින පොදු ජන පෙරමුණේ පිරිස සහ අනෙකුත් අය සමග සිදු කල නොහැකි බවයි වි.රාධාක්‍රිෂ්ණන් මහතා පවසන්නේ.
ජනාධිපතිවරයා උරුමය ඔප්පු ලක්ෂ විස්සක් ලබාදුන් බව ප්‍රකාශ කර සිටියද කොත්මලේ ප්‍රදේශයේ කිසිදු අයෙකුට එවැනි ඔප්පුවක් ලැබි නොමැති බවත්, අද වන විට විෂය භාර ඇමතිවරයාද නොමැති බව වි.රාධාක්‍රිෂ්ණන් මහතා වැඩිදුරටත් කියා සිටියා.




