කෙරවලපිටිය “සොබාදනවි” ඒකාබද්ධ චක්‍රීය බලාගාරය සඳහා ද්‍රවීකෘත ස්වභාවික වායු (Liquefied natural gas – LNG) ගබඩා කිරීමට යටිතල පහසුකම් සංවර්ධනය, LNG ප්‍රතිවායුකරණය කිරීම සහ සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ එල්ටීඑල් හොල්ඩිංග්ස් සමාගම (LTL Holdings Limited, Sri Lanka) සහ ඉන්දියාවේ පෙට්‍රොනෙට් එල්එන්ජී සමාගම (Petronet LNG Limited, India) අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද සිදු කෙරුණා.
එහිදී ගිවිසුම් අත්සන් කිරීම සිදුකෙරුණේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන්.




