spot_img
spot_img

ලංකාවේ ඇමති මණ්ඩලය පැටව් ගහන සංස්කෘතිය අපි නවත්වනවා – විජිත

මන්ත්‍රීවරුන් පක්ෂයකින් පක්ෂයකට හුවමාරු වන්නේ රට වෙනුවෙන් නොව තමන්ගේ වාසියට බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා.

ඔහු පවසන්නේ මන්ත්‍රීවරුන් පක්ෂයෙන් පක්ෂයට මෙලෙස පැන යාම සැප්තැම්බර් 21 වන දිනෙන් පසුව රටේ දේශපාලනයෙන් නතර කරන බවයි.

ඔහු මේ බව කියා සිටියේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින්

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරට් මහතා ;

“මේ කුණු වෙච්ච දේශපාලනය තුළින් අර කුණුවෙච්ච මන්ත්‍රීවරු ඇමතිවරු ලාබෙට කුණු මාළු කෑලි ගානට විකිණෙනවනේ. පොහොට්ටුවේ හිටපු නාලක ගොඩහේවා කිසි හිරිකිතයක් නෑ ලැජ්ජාවක් නෑ. සජිත්ගේ ඔඩොක්කුවේ. දෙපතුල ලෙවකනවා.මේ පයින්නේ ඔක්කොම රට වෙනුවෙන් කියලා කියනවනේ. රිෂාඩ් පයින්නේත් රට වෙනුවෙන් දයාසිරි පයින්නෙත් රට වෙනුවෙන් ප්‍රසන්න පයින්නෙත් රට වෙනුවෙන් මුන් ඔක්කෝම පයින්නේ රට වෙනුවෙන් නෙවෙයි බඩ වෙනුවෙන්.

චම්පික රණවක දැන් සජිත්ගේ වේදිකාවට නැගලා මිනිහට භාරදීලා තියෙනවා ජොබ් එකක් මාලිමාවේ අපිට ගහන්න. චම්පික කීවෙනි වතාවටද පැනලා ඉන්නේ. මහලොකුවට වෙනම පක්ෂ හදාගෙන තනියෙන් යනවා කියලා කයිවාරු ගැහුවා. හොම්බෙන් බිම වැටුනට පස්සේ රනිල් ගාවට ගිහින් බැලුවා චාන්ස් එකක් තියෙනවද කියලා.අපිට ආරංචි විදිහට රනිල් කියලා තියෙනවා කොළඹින් නම් ඉල්ලන්න දෙන්න බෑ කැමතිනම් ගම්පහින් ලිස්ට් එකට දාලා දෙන්නම් කියලා. ගම්පහ ඇවිල්ලා චම්පිකට ඡන්දේ ගන්න බෑ. මිනිහා බය වුණ හින්දා අනිත් පැත්තෙන් ගිහින් සජිත්ට උදව් කරන්න එකතු වුණා. සමහරු නම් හිරිකිතයි… මේ පනින පැනිල්ල ලබන මාසේ 21 වැනිදායින් පස්සේ මේ රටේ දේශපාලනෙන් අපි නතර කරනවා. ඔය පැනලා ඉන්න හාදයන්ට ඇමතිකම් දෙන්න ගියොත් ආපහු එන්නේ 80ක 100ක ඇමති මණ්ඩලයක්. ලංකාවේ ඇමති මණ්ඩලය පැටව් ගහන සංස්කෘතියත් අපි නවත්වනවා.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...