spot_img
spot_img

ළමුන් අතර හතිය රෝගී තත්ත්වයේ ඉහළයාමක්

ළමා හතිය වැනි රෝග තත්ත්වයන්‍ මේ දිනවල වාර්තා වීම ඉහළ ගොස් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ ද ඉහළ යාමක් පසුගිය දින කිහිපය තුළ වාර්තා වන බවය.

මේ පිළිබදව වැඩිදුරටත් පැහැදිලි කරන විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා,

“කැස්ස හුස්ම ගැනීමේ අපහසුව තියෙනවා නම් මේක ළමා හතිය ඇති වීමක් වෙන්න පුළුවන්. දෙවනුව වෛරස් උණ පැතිරයෑමේ හැකියාවකුත් තියෙනවා. දැනටත් ඉන්ෆ්ලුවෙන්සා සහ ඒ හා සමාන වෛරස් උණ කිහිපයක් පැතිරිලා තියෙනවා. විශේෂයෙන් ඉහළ ස්වසන මාර්ගයේ වෛරස් උණ තමා පැතිරිලා තියෙන්නේ. ඒ තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකියි. ඒ නිසා පුළුවන් තරම් කැස්ස, හෙම්බිරිසාව, උණ තියෙනවා නම් ඒ දරුවන්ව ගෙදර තියා ගන්න. රෝග ලක්ෂණ තියෙනවා නම් ඒ අයට මාස්ක් එකක් පලඳවන්න. ඊට පස්සේ ළමා හතියත්, ස්වසන රෝගත් වැඩිවීම ගැන අපි කල්පනාකාරී විය යුතුයි. රාත්‍රී කාලයේ කැස්ස ඇති වෙනවා නම් ඒක ළමා හතිය වෙන්න පුළුවන්. කැස්ස, උණ සමග පපුව රිදෙනවා නම් උණ දිගටම පවතිනවා නිව්මෝනියා තත්ත්වයට පත්වෙලා ද කියලා සොයා බැලිය යුතුයි. ඉහළ ස්වසන මාර්ගයේ සහ පහළ ස්වසන මාර්ගයේ රෝග වැඩිවෙන්න පුළුවන් සීතල සමගම. ඒ නිසා ළමයින්ව පරිස්සම් කරගන්න.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...