නිසි ආර්ථික පරිවර්තනකින් තොරව රජයේ වැඩපිළිවෙළ අතරමග නතර කළහොත් යළිත් රටේ ආර්ථිකය කඩා වැටෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, ජනතාව තම අනාගතය ගැන සිතා මෙවර ජනාධිපතිවරණයේ දී තින්දුවක් ගත යුතුව ඇති බවයි.
සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉදිරිපත් වූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමේ “AskRanil” වැඩසටහනට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා ;
“මේ රට මම භාරගත්තේ, වෙන කවුරුත් භාරගන්න නොසිටි අවස්ථාවක. හැම එක්කෙනාම ආර්ථික ප්‍රශ්න විසඳන්න බෑ කිව්වා. දැන් අපි ඒකට විසඳුම ලබාගෙන යනවා. රටේ නව ආර්ථිකයක් ඇති කරන්න. ඒක පරිවර්ථනය කරන්න ඕනේ විශේෂයෙන ම අපනයන ආර්ථිකයක් හැටියට. අපි ඒ දුර යන්නේ නැත්නම්, අපි කරපු මේ වැඩ රඳා පවත්වන්න බෑ. ඒක කඩා වැටෙයි. මෙතැන තියෙන්නේ ඔබ සියලුදෙනාගේම ඊළඟ අවුරුදු 3 – 4 අනාගතය ගැන හිතන්න. තරුණ අයට තියෙන්නේ තව අවුරුදු 20කින් තමන්ට ඕන රට මොකද්ද කියලා හිතන්න. හිතලා ඡන්දය භාවිත කරන්න…”
ප්රශ්නය – ජනාධිපතිවරණයේ දී ගෑස් සිලින්ඩරය තෝරාගත්තේ ඇයි ?
“මම ස්වාධීන වෙන්න තීරණය කළා. අද අර්බුදයක් තියෙනවා පක්ෂ භේදයෙන් ඉවත් වෙන්න ඕනේ කියලා. ඒ නිසා ස්වාධීනව එන්න තීරණය කළා. එතකොට ඕනෑම ලකුණක් හොයා ගන්න පුළුවන්. ඒ අවස්ථාවේ හොඳම එක ගෑස් සිලින්ඩරය”




