මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජනාධිපති අපේක්ෂයෙකු එක් ඡන්ද දායකයෙකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල සඳහන් කරමින් අද (19) රාත්‍රියේදී ගැසට් නිවේදනයක් නිකුත්කරන බව මැතිවරණ කොමිසම පවසනවා.
ඒ අනුව, එක් ඡන්ද දායකයෙකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල වන්නේ රුපියල් 109ක්.
පසුගිය සෙනසුරාදා (17) ඊට අදාළව පැවති සාකච්ඡාවේ දී ශත පනහේ සිට රුපියල් 1,000 දක්වා අගයන් යටතේ අපේක්ෂකයින් ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ ඒ පිළිබඳ තීරණය කිරීමට අපේක්ෂකයන් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර පසුගිය සිකුරාදා පැවති සාකච්ඡාවේදී ශත පනහේ සිට රුපියල් දහස දක්වා අගයන් යටතේ අපේක්ෂකයින් ඉල්ලීම් ඉදිරිපත් කළ බවයි.
ඒ අනුව ජනාධිපතිවරණයේදී ජන්දදායකයෙකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල 109ක් ලෙස දක්වා අද රාත්‍රියේ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව එම කොමිෂන් සභාව පවසනවා.
.




