කහ මිශ්රැති ජලයෙන් ස්නානය කර පැමිණියද රටේ දුප්පත් ජනතාව රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ලබා දීමට සූදානම් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.
අද (19) පැවති ජන රැලියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.
ඔහු පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මුලුමනින්ම විනාශ කළ බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ දයාසිරි ජයසේකර මහතා:
“කහ වතුරෙන් නාල ආවත් රනිල් වික්‍රමසිංහට මේ රටේ දුප්පත් මිනිස්සු ඡන්දය දෙන්න සූදානම් නැහැ. ඒක තමයි සත්‍ය. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමා සම්බන්ධව අපිට කියන්න තියෙන්නේ එක කාරණයයි. එක්සත් ජාතික පක්ෂය විනාශ කරපු පොහොට්ටුව කුඩේ කුඩු කරපු ,,මෙච්චර කාලයක් අපි ඇහුවේ මහින්ද රාජපක්ෂ තමයි පක්ෂය කැඩුවෙ කියලා , අර මහින්ද රාජපක්ෂව බින්දුවට වට්ටලා අර මිනිස්සු ටික ඔක්කොම අර ගත්තා. මේ පක්ෂෙට කරුමක්කාරයෙක් විදියට පත්වුණා රනිල් වික්‍රමසිංහ”




