spot_img
spot_img

කරුමෙට හරි සජිත් ජනපති වුනොත් එයත් අවුරුද්දක් යන්න කලින් පැනලා යනවා- සරත්

රටේ කරුමෙකට හෝ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් වසරක් යාමට පෙර ඔහු තනතුර දමා පැන යන බව ස්වාධීන ජනාධිපති අපේක්ෂක ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

ඔහු පවසන්නේ තමන් මීට පෙර දී ප්‍රකාශ කළ ආකාරයටම ගෝඨාභය රාජපක්ෂ ද වසර දෙකකින් තනතුර දමා පැන ගිය බවයි.

රටේ ආර්ථ්ක ප්‍රශ්නයක් තිබෙන බවත් ඒවා විසඳීමට රටේ උගතුන් සිටියද මෙහෙයවීමට හොඳ නායකයෙක් නැති බවයි ඔහු පවසන්නේ.

ගම්පහ පැවැති මංගල ජනහමුව ආමන්ත්‍රණය කරමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මහතා ;

‘එදා ගෝල්ෆේස් පිටියේ අරගලය කළේ නිර්පාක්ෂික නායකයෙක් ඕනෙ කියලයි. දැන් මම ඒ අයට ආරාධනා කරනවා මගෙත් එක්ක එකතු වෙන්න කියලා. මම පක්ෂ දේශපාලනයෙන් ඉවත්වෙලා ස්වාධීනව ජනාධිපතිවරණයට තරඟ කරනවා.

ඒ නිසා නිර්පාක්ෂික නායකයෙක් රටට පත් කර ගන්න ජනතාවට දැන් අවස්ථාව තිබෙනවා.මම 2019 දී කිව්වා ගෝඨාභය රාජපක්ෂ අවුරුදු දෙකකින් පැනලා යනවා කියලා. මම එහෙම කිව්වේ එයාගේ පැටිකිරිය දන්න හින්දයි. ඒ කිව්වා වගේම ඔහු අවුරුදු දෙකකින් පැනලා ගියා.

ඒ වගේම තමයි රටේ කරුමෙට හරි සජිත් ප්‍රේමදාස මේ රටේ ජනාධිපති වුණොත් අවුරුද්දකින් ඔහු පැනලා යනවා. මං මේක කිව්වයි කියලා තමුන්නාන්සේලා රන් අකුරෙන් ලියලා තියාගන්න.ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා.

රටේ ආර්ථික ප්‍රශ්නයක් තිබෙනවා.ඒක විසඳන්න පුළුවන් උගතුන් බුද්ධිමතුන් රටේ හිටියත් ඔවුන් මෙහෙය වන්න හොඳ නායකත්වයක් නෑ. මේ රටේ ආදායම වැඩි කරලා ජනතාවෙගේ අතමිට සරු කරන එක රජයේ වගකීමක්. ඒවා කරන්න අපිට වැඩ පිළිවෙළක් තිබෙනවා. ඒ නිසා මම ජනතාවට ආරාධනා කරන්නේ මගෙත් එක්ක එකතු වෙන්න කියලයි’

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...