spot_img
spot_img

ඡන්ද දායකයෙකුට වැය කළ හැකි උපරිම මුදල කීය ද?

ජනාධිපතිවරණයේදී ජන්ද දායකයෙකු සඳහා වියදම් කළ හැකි මුදල සඳහන් ගැසට් පත්‍රය අද (19) ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

පසුගිය සෙනසුරාදා (17) ඊට අදාළව පැවති සාකච්ඡාවේ දී ශත පනහේ සිට රුපියල් 1,000 දක්වා අගයන් යටතේ අපේක්ෂකයින් ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා.

මැතිවරණ වියදම් නියාමන පනතට අනුව එක් ඡන්දදායකයෙකු සඳහා වියදම් කිරීමට අවසර ලත් මුදල නාමයෝජනා භාරගැනීමෙන් දින 5ක් ඇතුළත ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කළ යුතු වනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ ඒ පිළිබඳ තීරණය කිරීමට අපේක්ෂකයන් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර පසුගිය සිකුරාදා පැවති සාකච්ඡාවේදී ශත පනහේ සිට රුපියල් දහස දක්වා අගයන් යටතේ අපේක්ෂකයින් ඉල්ලීම් ඉදිරිපත් කළ බවයි.

ඒ අනුව ජනාධිපතිවරණයේදී ජන්දදායකයෙකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල සඳහන් ගැසට් පත්‍රය අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

මේ අතර මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ට සිය ප්‍රතිපත්ති රටට ප්‍රකාශ කිරීම සඳහා සැලසුම් කළ විවාදයට මේ වන විට අපේක්ෂකයින් දෙදෙනෙකුගේ පැමිණීම තහවුරු කර ඇති බව පැෆ්රල් සංවිධානය පවසනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...