spot_img
spot_img

රාජපක්ෂලා වගේ හොරකම් කරන පවුලක් බලයට ගෙනල්ලා රනිල් රට කෑවා – සුජීව

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකකරුවන් ප්‍රාණ ඇපකරුවන් බවට පත්කරමින් රට පරාජයට පත් කළ බව සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානී සුජීව සේනසිංහ මහතා පවසනවා.

අද (19) නාවලපිටිය පැවති සමඟි ජන බලවේගයේ ජන රැලියක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.

රනිල් වික්‍රමසිංහ මහතා රාජපක්ෂලා වැනි සොරකමේ යෙදෙන පවුලක් බලයට ගෙනවිත් රට ඇපයට තිබූ බවයි ඔහු පවසන්නේ.

ජනාධිපතිවරයා තනි අතින් පක්ෂය විනාශ කළ බවත් ඔහු එහිදී කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සුජීව සේනසිංහ මහතා

“94 ඉඳලා රනිල් වික්‍රමසිංහ අපිව ප්‍රාණ ඇපකරුවන් බවට පත් කරලා, පක්ෂය කාලා, පක්ෂය වමාරලා, රනිල් තනි අතින් රටයි අපිවයි පරාජය කරා..රාජපක්ෂලා වගේ හොරකම් කරන පවුලක් බලයට ගෙනල්ලා ජැක් ගහලා ,තේ බීලා කෝපී කාලා රනිල් වික්‍රමසිංහ රට ඇපයට තිබ්බා.අවුරුදු තිහක් තනි අතින් පක්ෂය විනාශ කළා. 94, 2001 2005, 2010, 2015 පැරදී, 2020දිත් පැරදිලා…ඒක දුන්නේත් නෑ අපිට. සටන් කරලා අපි මේක ගත්තා මේ සැප්තැම්බර් මාසෙ 21 වෙනිදා වෙනකොට අනිවාර්යෙන්ම ලංකාවේ ලාබාලම දහවෙනි දක්ෂතම ජනාධිපතිවරයා බවට පත්වෙන්න ඔබතුමන්ලා සටන් කරනවා කියන පණිවිඩය අපි ඔබට කියනවා”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...