spot_img
spot_img

සියලු සමීක්ෂණ වාර්තා අනුව නියත ජනපති සජිත් ප්‍රේමදාස

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මීළඟ ජනාධිපතිවරයා ලෙස පත් වන බවට සෑම සමීක්ෂණයකින්ම තහවුරු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, අද (19) නාවලපිටිය පැවති සමඟි ජන බලවේගයේ ජන රැලියක් අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා ;

“අද වෙනකොට මේ රටේ හැම සමීක්ෂ ණයකින්ම කියවෙන කතාවක් තියෙනවා. ඒ තමයි ඊළඟ ජනාධිපතිවරයා හැටියට පත් වෙන්නේ වෙන කවුරුවත්ම නෙවෙයි සජිත් ප්‍රේමදාසයි කියලා මේ හැමෝම කියන්න පටන් අරගෙන තියෙනවා.

මං දැන් දවස් තුනකට හතරකට උඩදි පිටකෝට්ටේ සිරිකොත මන්දිරය ඉස්සරහින් වෙනත් ගමනක් ගියා. අර ගොඩනැගිල්ලේ ගහලා තිබ්බ විශාල අලියා දැන් නෑ. ඒක මකලා දාලා ඒකට උඩින් මලකඩ අල්ලපු ගෑස් සිලින්ඩරයක් හයි කරලා. ඔන්න රනිල් මහත්තයා කරපු වැඩේ. එයා එක්සත් ජාතික පක්ෂයේ නායකයා නම් එක්සත් ජාතික පක්ෂයට ආදරෙයි නම් කරන්නේ එතකොට මොකක්ද? අවුරුදු 20ක් පුරා ජනාධිපතිවරණ වලදි අපිට කරන්න බැරි උන ඒ අලියා ලකුණු ඡන්ද පත්‍රිකාව ඇතුළත් කරන්න එයා ජනාධිපතිවරයා හැටියට බය නැතුව තීරාණයක් ගන්න තිබුණා. හැබැයි ඒක කළේ නෑ. මොකක්ද එයා කළේ, අවසානයේ දිය වෙලා යන එක්සත් ජාතික පක්ෂයේ මිනී පෙට්ටියට අවසාන ඇණයත් රනිල් දැන් ගහලා තියෙනවා.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...