spot_img
spot_img

අර්ජුන මහේන්ද්‍රන්ව ලංකාවට ගේනවා – අනුර කුමාර

තමන් ජනපති වූ පසු මහ බැංකු වංචාවට අධිකරණයෙන් රතු වරේන්තු නිකුත් කර සිටින අර්ජුන මහේන්ද්‍රන්ව ලංකාවට රැගෙන එන බව ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අද (18) කිරිබත්ගොඩ පැවති ජන හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේ පැවති ජන රැළියකදී “අනුර මේකට උත්තර දියාපියෝ” යනුවෙන් කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් දිසානායක මහතා මේ බව පැවසීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක,

“මං දැක්කා අනුරාධපුරයේදී රනිල් වික්‍රමසිංහ අහනවා ප්‍රශ්නයක් අනුර මේකට උත්තර දීපිය, ආ දියාපියෝ (සිනහවකින්). අපි අපහාස කරන්න ඕන නැහැනේ, අපි කවුරුත් වයසට යනවානේ.

මං එක උත්තරයක් කියන්නම්. මහ බැංකු වංචාවට සම්බන්ධවෙලා අධිකරණයෙන් රතු වරෙන්තු නිකුත් කරලා සිංගප්පූරුවට පැනලා ඉන්න අර්ජුන මහේන්ද්‍රව ලංකාවට ගේනවා. අර්ජුන මහේන්ද්‍ර කෝප් කමිටුවේ කටඋත්තරයක් දුන්නා මේ ගණුදෙනුව කරන්න කියලා උපදෙස් දුන්නේ මහ බැංකු භාර ඇමති රනිල් වික්‍රමසිංහ කියලා. අර්ජුන මහේන්ද්‍රන්ව රටෙන් පැන්නුවා.

ඒ නිසා එයා ඇහුවනේ කරන්නේ මොකක්ද කියලා. කරන ප්‍රධානම වැඩක් තමයි අර්ජුන මහේන්ද්‍රව ගේනවා. උසාවිය කටඋත්තර ගන්නවා. ඊළඟට ඔයත් ගේනවා. ඔච්චරයිනේ. මේක වැඩිය කියන් නැතුව කරන්න හිතන් හිටියේ. අහපුවාම නොකියා බැහැනේ”.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...