spot_img
spot_img

හරීන්ට උපදේශක තනතුරක්

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41/1 වගන්තියට අනුව ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබෙනවා.

ඒ අනුව ඔහු සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා තරුණ කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකවරයෙකු ලෙස පත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව හරීන් ප්‍රනාන්දු මහතාව සංචාරක, ඉඩම් , ක්‍රීඩා හා තරුණ කටයුතු සම්බන්ධයෙන් විශේෂ උපදේශකයෙකු ලෙස පත් කර තිබෙන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලිපියක් මගින් මේ බව දැනුම් දී තිබෙනවා.

කෙසේවෙතත් මෙම පත්කිරිමට එරෙහිව සමගි ජන බලවේගයේ නීති සන්ධානය මැතිවරණ කොමිසම වෙත ඊයේ(18) පැමිණිල්ලක ඉදිරිපත් කළා.

හරීන් ප්‍රනාන්දු පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීත්‍යනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දු කළ අතර ඒ අනුව මන්ත්‍රී ධුරය මෙන්ම ඔහු දැරූ ක්‍රීඩා, සංචාරක හා ඉඩම් යන අමාත්‍ය ධුර ද ඔහුට අහිමි වුණා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...