spot_img
spot_img

ජයග්‍රහණයෙන් පසු අනුරගෙන් ජනතාවට ලැබෙන සහන ලැයිස්තුව

සිය ජයග්‍රහණයෙන් පසු ආහාර, සෞඛ්‍ය සේවා සහ පාසල් උපකරණවලට පනවා ඇති VAT බද්ද ඉවත් කිරීමට පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු ඒ බව පැවසුවේ ගාල්ලේ ඊයේ (17) පැවති ජන රැලියකදී ය.

“අපි දන්නවා සමහර අය අපෙන් අහනවා සහෝදරයා මේ වගේ රටක් භාර ගන්න ඔයාලට බය නැද්ද කියලා. මතක තබා ගන්න මේ වෙලාවේදී තමයි ජාතික ජනබලවේගය රට භාරගන්න ඕනේ. රට වැටිලා තියෙන ප්‍රපාතයෙන් ගොඩ ගන්න. මේක ගොඩගන්න පුළුවන්. 15 වෙනිදා රෑ ඉදිරිපත්කළා අපේ විදුලි හා බලශක්ති සැලසුම. ඒ අනුව ඉතා කෙටි කාලයක් ඇතුළත විදුලි බිල තුනෙන් එකකින් අඩු කරනවා. ඊළඟ ආහාර, මේ ආණ්ඩුව ආහාරවලට වැට් ගහනවා. අපි ආහාර සඳහා තියෙන වැට් බද්ද අයින් කරනවා පළමු අයවැය ලේඛනයෙන්. සෞඛ්‍ය සහ සෞඛ්‍ය සේවා සැපයුමේ වැට් බද්ද අයින් කරනවා. ඊළඟට පාසල් උපකරණවලට පනවලා ඇති වැට් බද්ද අයින් කරනවා. ඇයි ආණ්ඩුව ඉන්නේ ජනතාව බලාගන්න. මේ ගොල්ලෝ එන්නේ ඒ අය බලාගන්න.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...