spot_img
spot_img

එජාපයේ ඔක්කොම සජිත් ළඟට ඇවිල්ලා ඉවරයි – නලීන් බණ්ඩාර

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද ලක්ෂ 80කට වැඩිය ගෙන මෙවර ජනාධිපතිවරණයෙන් නියත වශයෙන් ජයග්‍රහණය කරන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (18) බණ්ඩාරගම පැවති ජන රැළිය අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ,

“රනිල් ගොයියා මන්තරයක් මතුරනවා. කවුරුත් භාරගත්තේ නෑ. ඕක නේද කියන්නේ. භාරගත්තේ නෑ නෙවෙයි, රාජපක්ෂලා තොරගත්තා රනිල් වික්‍රමසිංහව. හැබැයි සැප්තැම්බර් 21 වෙනිදා මේ රටේ ජනතාව අසූලක්ෂයකට වැඩිය ඡන්දේ දීලා සජිත් ප්‍රේමදාසව තොරගන්නවා. අන්න එදාට ඔබලට ඇඬෙනවා. අර පට්ට හොරාට අනේ රත්තරන් කියලා කතා කරනවා. බොක්කෙන්ම කිව්වා රත්තරන් කියලා.යකෝ අපි කියන්නේ මාල කඩාගත්ත හින්දා රත්තරන් කියලා. තව එක යූ.න්.පී කාරයෙක් හරි ඉතිරි වෙලා ඉන්නවා නම් සිරිකොත දිහා බලාගෙන, අලියා දිහා බලාගෙන එක යූ.න්.පී කාරයෙක්වත් දැන් එතනට යන්නේ නෑ.ඒ සියලු දෙනාම එක්සත් ජාතික පක්ෂයේ උරුමය තියෙන සජිත් ප්‍රේමදාස ළඟට පේළියට ඇවිල්ලා ඉවරයි. ඒ නිසා දැන් යූ.න්.පී එක ඉවරයි. ඒක පෙට්ටියට දාලා රත්තරන්ලට පස් ටික දාලා වහන්න දීලා තියෙනේ. ඒ නිසා අද වෙන තොරාගැනීම් නෑ. එකයි තියෙන්නේසමස්ත රටේ ජනතාවට. ඒ තමයි සජිත් ප්‍රේමදාස අපේ ජනාධිපතිතුමා.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...