ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ගෑස් සිලින්ඩරය ඡන්දෙට පෙර හිස්වන බවත් සිලින්ඩරය තුළ සිටින්නේ අන්තවාදී අදහස් සහ විවිධ චෝදනා දූෂණ තිබෙන කණ්ඩායම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා.
ඔහු පවසන්නේ, ජනතාවට එම සිලින්ඩරයට ළං නොවන ලෙසත් සිලින්ඩරය පුපුරන ස්ථානයේ රැඳී සිටියොත් ජීවිත අහිමි වී යන බවයි.
අද (17) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චන්දිම වීරක්කොඩි මහතා ;
“ගෑස් සිලින්ඩරය ඡන්දෙට කලින් හිස් වෙනවා. අනිත් එක තමයි ගෑස් සිලින්ඩරයේ සංයුතිය අඩු උනත් වැඩි උනත් පුපුරන්න පුළුවන්. මේ ගෑස් සිලින්ඩරය ඇතුළේ ඉන්නේ එදා වේල ට්‍රැවල්ස් යන ගහ මරාගත්ත, අන්තවාදී අදහස් තියෙන විවිධ චෝදනා දූෂණ තියෙන කණ්ඩායම්. ඉතින් මේ කට්ටිය මේ සිලින්ඩරය ඇතුළට දැම්මම සිලින්ඩරය පුපුරලා යන බව ඉතාම පැහැදිලි. අපිට කියන්න තියෙන්නේ ජනතාවට ළංවෙන්න එපා. සිලින්ඩරය පුපුරන තැන හිටියොත් ජීවිත අහිමි වෙනවා. ඒ නිසා සිය දිවි නසාගන්න කැමති නම් පමණක් සිලින්ඩරයට ආකර්ශනය වෙන්න. “




