ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 69 ලක්ෂයක ඡන්ද පදනමෙන් ලක්ෂ 19ක් පමණ අඩු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා.
ඒ අනුව දැනට ඉතිරිව පවතින ලක්ෂ 50න් අනෙක් පක්ෂවලට කෙතරම් අය පැන ගියද තව ලක්ෂ 10ක් උපරිම ලෙස අඩුවනු ඇති බවත්, ලක්ෂ 40ක් නාමල් රාජපක්ෂ සමඟ සිටිනු ඇති බවයි ඔහු සඳහන් කළේ.
ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ලක්ෂ 21 ක් ලබා ගනු ඇති බවත්, අනුර කුමාර දිසානායක ලක්ෂ 23 ක් ලබා ගනු ඇති බවත්, සජිත් ප්‍රේමදාස ලක්ෂ 37 ක් ලබා ගනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ඒ අනුව ලක්ෂ 40 ක ඡන්ද පදනමකින් ජනාධිපතිවරණ සටන ආරම්භ කරන එකම අපේක්ෂකයා නාමල් රාජපක්ෂ බව ඔහු පෙන්වාදෙනවා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස කුට්ටිආරච්චි මහතා,
” 69 ලක්ෂයක ඡන්ද තිබුණා අපිට .19 ලක්ෂහයක් අඩුයි දැන්. 69 ලක්ෂහයෙන් දැන් ලක්ෂ 50 ක් ඉතුරු වෙලා තියෙනවා.ඔය ලක්ෂ 50න් කොච්චර කෙකර බෑවත් තව ලක්ෂ 10 ක් අඩු වෙනවා. රනිල් 21 යි, JVP එක 23 යි, සජබේ 37 යි, 50න් 10ක් අයින් වෙලා ඉතුරු උනාම තියෙනවා 40 ක්, ආරම්භයේම ලක්ෂ 40 කින් ආරම්භ කරන එකම අපේක්ෂකයා අපේ කඳවුරේ ආදරණීය ගරු නායකයා නාමල් තමයි:”




