ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද (17) පෙරවරුවේ කොළඹ ප්‍රදේශයේ බෞද්ධ සහ හින්දු ආගමික නායකයන් හමුවී තිබුණා.
ඒ අනුව වැල්ලවත්ත ගාලු පාරේ පිහිටි මහා සංඝ සභා ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උපසභාපති මාගල්ලේ නාගිත මහා නායක හිමියන් ප්‍රමුඛ සංඝරත්නය එහිදී බැහැදැකීමෙන් අනතුරුව උන්වහන්සේලා සමඟ පිළිසඳරක ද යෙදුණා.
අනතුරුව බම්බලපිටිය ශ්‍රී මාණික විනායගර් කෝවිලේදී හින්දු පූජකතුමන්ලා හමුවුණා.
මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව මහා සංඝරත්නය සමග මෙන්ම පූජකතුමන්ලා සමග සාකච්ඡා කළ අනුර කුමාර දිසානායක මහතා එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් උන්වහන්සේලාගේ සහ ඔවුන්ගේ ආශීර්වාදයද ලබා ගත්තා.
මේ අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතාද සහභාගි වී සිටියා.




