spot_img
spot_img

රනිල් ඡන්දෙ කාලෙට විතරක් බොරු උප්පරවැට්ටි පොරොන්දු දෙනවා – සජිත්

තමා ජනාධිපති වූ පසු අනීතිකව පගාවට අල්ලසට ලබා දුන් සෑම බලපත්‍රයක් ම අහෝසි කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේඅද (17) බණ්ඩාරගම ප්‍රදේශයේ පැවැති ජන රැළිය අමතමින්.

රටක් ගොඩනගන්න නම් පැහැදිලි වැඩපිළිවෙළක් තිබිය යුතු බවත් රජයක් තුළ ඉහළින් පහළට අදහස් ගලා යාම මෙන් ම පහළින් ඉහළට ද අදහස් ගලා යාමක් සිදුවිය යුතු බව ඔහු පවසනවා.

එමෙන්ම අද රටේ සිදුවන්නේ ඉහළින් පහළට අදහස් ගලා යන චෞර තන්ත්‍රවාදය බවත් පැය 24ම සතියේ දින 7ම දින 365ම දූෂණය හොරකම වංචාව අල්ලස රටේ ඇති බවයි ඔහු පවසන්නේ.

රටේ සෑම ගනුදෙනුවක ම හොරකම ඇති බවත් වීසා ගනුදෙනුව, පුනර්ජනනීය බලශක්ති ගනුදෙනුව, තෙල් ගනුදෙනුව ආදී ඕනෑම ගනුදෙනුවකින් හොරා කෑ සල්ලි ඔවුන්ගේ බඩගෝස්තරවාදී දේශපාලනය ශක්තිමත් කිරීමට යොදා ගන්නා බව විපක්ෂනායකවරයා කියා සිටියා.

ඔහු පවසන්නේ, අද විවිධ කණ්ඩායම් එකට එකතු වී ඇති බවත් මේ එකතු වීම් සඳහා වයින් ස්ටෝර්ස්, බියර් බලපත්‍ර ආදී වරදාන වරප්‍රසාද ලබා දී විවිධ සහන ලබා දී විවිධ පුද්ගලයන් බිලී බා ගන්නා බවයි.

දේශපාලන අල්ලස්වලට සම්බන්ධ වූ දේශපාලනඥයන්ට සහ නිලධාරින්ට නීතිය හමුවේ උත්තර බැදීමට සිදුවන නිසා වැරදි දේ නොකර රට ගැන සිතා කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවයි සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ.

අද වරදාන වරප්‍රසාද සියල්ල භුක්ති විදින්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව බවත් ලක්ෂ 220ක් ජනතාව අනාථ කර මැතිවරණ සමයේ බොරු උප්පරවැට්ටි පොරොන්දු ඉදිරිපත් කර මෙවරත් රටේ ජනතාව රවට්ටන්න උත්සාහ කරන බවත් මේ අවස්ථාවේ රටේ ජනතාව තවදුරටත් රැවටෙන්න සූදානම් නොමැති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...