spot_img
spot_img

මැතිවරණ ප්‍රචාරක වියදම් නිරික්ෂණයට අලුත් වෙබ් අඩවියක්

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරක වියදම් නිරීක්ෂණය කිරීම ඇතුළු කරුණු කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වෙබ් අඩවියක් නිර්මාණය කර තිබෙනවා.

‘ඡන්ද සල්ලි මීටරේ’ ලෙස නම් කර ඇති මෙම වෙබ් අඩවිය එළිදැක්වීමේ උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය, පැෆ්රල් සංවිධානය ඇතුළු ප්‍රමුඛ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හයක් එක්වයි මෙය නිර්මාණය කර ඇත්තේ.

මෙම උත්සවය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් ඇතුළු පිරිසකගේ සහභාගී වී තිබෙනවා.

මේ අතර, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු සඳහා අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි සීමාව ඉක්මවා මුදල් යොදවා ඇති බවට මැතිවරණයෙන් පසුව අනාවරණය වුවහොත් ජනාධිපති ලෙස තේරී පත්වූවත් ඔහුගේ ධුරය අහෝසි කිරීමට පවා නීතිමය ප්‍රතිපාදන පවතින බවයි.

අනුමත සීමා ඉක්මවා ප්‍රචාරක වියදම් දැරීම නීති විරෝධී බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...