spot_img
spot_img

ඉන්දියාව පුරා වෛද්‍ය වර්ජනයක්

ඉන්දියාවේ වෛද්‍යවරුන් රට පුරා වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, පසුගියදා බටහිර බෙංගාලයේ කොල්කටා නගරයේදී වෛද්‍යවරියක අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධිය මුල් කරගනිමින්.

කෙසේ වෙතත් නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය වෛද්‍ය සංගමය ප්‍රකාශ කළේ, අත්‍යවශ්‍ය සහ හදිසි අනතුරු සේවා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවටයි.

ඒ අනුව, අත්‍යවශ්‍ය නොවන සියලු‍ම රෝහල් සේවා කටයුතු අඩාල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය 09වනදා 31 හැවිරිදි මෙම වෛද්‍යවරිය රෝහලේ සම්මන්ත්‍රණ ශාලාවක විවේක ගනිමින් සිටියදී ඝාතනයට ලක්ව තිබුණා.

ඊට එරෙහිව ඉන්දියාව පුරා කාන්තාවන් දහස් ගණනක් වීථි බැස කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලමින් විරෝධතාවල නියැලුණා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...