spot_img
spot_img

රනිලුත් එයාගේ කලිසමයි කෝට් එකයි වගේමයි – සුජීව

ජනතා විමුක්ති පෙරමුණ මේ රට විනාශ කළ කොට්ඨාශයක් බවත් ඔවුන් සමග දේශපාලන වෛරයක් තමා තුළ ඇති බවත් සමගි ජන බලවේගයේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී සුජීව සේනසිංහ මහතා පවසනවා.

ඔහු පවසන්නේ, රටේ ජීවිත සහ දේපළ ඩොලර් බිලියන 250කට වැඩි ප්‍රමාණයක් ජනතා විමුක්ති පෙරමුණ විනාශ කර ඇති බවත් 94 ආණ්ඩුවට පසුව රට විනාශ වී ගිය බවයි.

එමෙන්ම LTTE සංවිධානය, ජනතා විමුක්ති පෙරමුණ, රාජපක්ෂවරුන් සහ රනිල් වික්‍රමසිංහ මේ රට විනාශ කිරීමට බිහිවුණු අය බවයි ඔහු පවසන්නේ.

සුජීව සේනසිංහ මහතා මේ බව කියා සිටියේ,අද (17) බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේගයේ ජන රැලියක් අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුජීව සේනසිංහ මහතා :

“මේ රට විනාශ කරපු කොට්ඨාශයක් තමයි JVP එක කියලා කියන්නේ. පෞද්ගලික තරහක් නැහැ දේශපාලන තරහක් තියෙනවා ඒ කරපු විනාශෙට. Jvp එක විනාශ කරලා තියෙනවා මේ රටේ ජීවිත සහ දේපළ ඩොලර් බිලියන 250කට වැඩිය. හැම ආණ්ඩුවකටම ජැක් එක ගහලා චන්ද්‍රිකාට මහින්දට ෆොන්සේකාට, සිරිසේනට , රනිල් වික්‍රමසිංහට, ඔක්කෝටම ජැක් එක ගහලා දැන් කියනවා, 70 වසරක සාපය 225 ම එකයි කියලා.මුන්නුත් ඉන්නවා ඒ 225 ඇතුලේ. උන් කියන්නේ නැහැනේ 221ම එකයි කියල. 225ම එකයි කියලා හිනාවෙලා ගහලා උනුත් ඉන්නවා ඒ පුටුවෙම ඉඳගෙන.

අර අපේ සද්දන්ත ඇතාව දණගස්සලා රනිල් වික්‍රමසිංහ මහත්තයා ගත්තා කරට ගෑස් බැරල් එකක්. මට මතක් වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ගෑස් බැරල් එක දැක්කහම, කලිසමයි කෝට් එකයි ඇන්දොත් එහෙම කෙලින් දෙකම එකට එන්නේ නැහැ ඕන පැත්තකට හරවන්න පුළුවන්. 94ට පස්සේ මේ රටට කෙලවුණා.LTTE සංවිධානය, Jvp එක, රාජපක්ෂ කියන, රනිල් වික්‍රමසිංහ කියන මේ රට විනාශ කරපු හතර දෙනා බිහිවුණා.රට පල්ලට ගියා. 94 න් පස්සේ අපිට ආණ්ඩුවක් නැහැ. හුණ්ඩු තිබ්බේ, රනිල් වික්‍රමසිංහගේ බලය රැකගන්න. ජනාධිපති කෙනෙක්, අගමැති කෙනෙක් නෑ අපිට.රනිල් වික්‍රමසිංහ තනි අතින් අවුරුදු කීයක් මේ රට බංකොලොත් කළාද. ආසියාවේ ඉන්න දුප්පත්ම රට බවට ඔබතුමන්ලා පත්වුණා”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...