ඉහළින් කෙතරම් ඔළු ගෙඩි එකතු වුවද ජනතාව සිටින්නේ ජාතික ජන බලවේගය සමඟ බව එම පක්ෂයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔහු පවසන්නේ අත්හදා බැලීම් කෙසේ වෙතත්, වෙනසක් සිදුකළ යුතු කාලය එළඹී ඇති බවයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහු නියෝජනය කරන කඳවුර ජනතාව ඇති තරම් අත්හදා බලා ඇති බවත්, අවශ්‍ය වී ඇත්තේ පැරණි මුුුුහුුණු නොව අවංක වැඩපිළිවෙළක් සහිත කණ්ඩායමක් බවයි ඔහු පවසන්නේ.
එම කණ්ඩායම සිටින්නේ ජාතික ජන බලවේගයේ බව අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.




