දේශපාලන පක්ෂ සහ සන්ධාන 34 කින් සමන්විත “පුළුවන් ශ්රී ලංකා” සම්මුතියට අත්සන් තබනු ලැබුයේ දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නොව සියලුදෙනා එක්කර ගනිමින් රටේත්, ජනතාවගේත් අනාගතය ගොඩනැඟීම වෙනුවෙන් බව ජනාධිපති රනිල් වික්රමසිංහ පවසනවා.
මෙම සම්මුතියට අත්සන් තැබුයේ එදා ආර්ථික අභියෝගය හමුවේ බැහැ කියා පැන ගිය පිරිසක් නොව රට ගොඩනැඟිය හැකියි කියා එම අභියෝගය භාරගත් පිරිසක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
ජනාධිපති රනිල් වික්රමසිංහ මේ බව සඳහන් කර සිටියේ “පුළුවන් ශ්රී ලංකා සම්මුතිය” අත්සන් තැබීම වෙනුවෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ අද (16) පෙරවරුවේ පැවති සමාරම්භක උත්සවයට එක් වෙමින්.




