රට තුළ මේ වනවිට ඇත්තේ ජනතාව පීඩාවට පත් කළ රට පතුලටම වැටුණු සාමාන්‍යකරණයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ මල්වතු සහ අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේලා බැහැදැකීමෙන් අනතුරුව අද (16) පෙරවරුවේ මාධ්‍යයට අදහස් දක්වමින්.
ජනතාවගේ ආර්ථිකය සහ ජන ජීවිත කුඩා කර ජනතාවගේ මුදල් පසුම්බියට පිට්පොකට් ගැසීම නිසා වියදම් කළ නොහැකි ආදායම් ලැබිය නොහැකි සාමාන්‍යකරණයක් නිර්මාණය වී ඇති බවත්, ඒ අතින් රට විනාශ කර රට පතුලට වැට්ට වූ සාමාන්‍යකරණයක් රටේ ඇති බවත් ඔහු පවසනවා.
ජනතාවගේ කරපිට උපරිම බර පටවා සාමාන්‍යකරණයක් නිර්මාණය කර ඇති බවත් මේ ගැන විවිධ අමනෝඥ කතා කියපු පුද්ගලයෝ රටේ ජනතාව රවටන අදහස් ඉදිරිපත් කරන විට ඒවාට තමා ප්‍රතිචාර නොදක්වන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූසජිත් ප්‍රේමදාස මහතා:
“ජනපති කියනවා දැන් හැමදේම සාමාන්‍යයයි කියලා. ඇත්තම කතාව ජනතාවගේ රැකියා අහිමිවෙලා. දුප්පත්කම වැඩිවෙලා. නව සාමාන්‍යයක් ඇතිවෙලා තියෙනවා ජනතාවගේ ආර්ථිකය කුඩා කරලා.”




