spot_img
spot_img

සජබයෙන් සාවද්‍ය පුවතක් ගැන නිවේදනයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමගි ජන සන්ධානය හා එක්ව ඇතැයි පැවසෙන පුවත සාවද්‍ය බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්. එම්. මරික්කාර් මහතා පවසනවා.

සමගි ජන බලවේගය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

හිටපු ජනාධිපතිවරයා සමග සන්ධානගත වීමක් හෝ එවැනි සහායක් හෝ ලබාගැනීමට සමගි ජන සන්ධානයට අවශ්‍යතාවයක් නොමැති බවයි ඔහු පවසන්නේ.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී නියත පරාජය හමුවේ වියරු වැටී සිටින ආණ්ඩුවට හිතවාදී ප්‍රචාරක කණ්ඩායම් විසින් අසත්‍ය පුවත් නිර්මාණය කර, ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන වැඩපිළිවෙලක නිරත වන බව ද මරික්කාර් මහතා පෙන්වා දෙනවා.

මෙම මැතිවරණ කාලසීමාව තුළ සියලු පක්ෂයන්ට අභියෝගයක් වී ඇති සමගි ජන සන්ධානයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව ආණ්ඩුව සහ ඔවුන් සමග ඩීල් දේශපාලනයේ නිරත සියලු අපේක්ෂකයින්ගේ මාධ්‍ය මෙහෙයුම් පිළිබඳ විමසිලිමත්ව බුද්ධියෙන් ග්‍රහණය කරගන්නා ලෙස සමගි ජන බලවේගය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...