ලබන සැප්තැම්බර් 21 වනදා රටතුළ සුවිශේෂී බල පෙරළියක් සිදුවන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නලීන් හේවගේ මහතා පවසනවා.
ඔහු පවසන්නේ, රට ජනතාවාදී පාලනයකට බාරදීම එදින සිදුවන බවයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.
එහිදී ඔහු කියා සිටියේ ජාතික ජන බලවේගය පක්ෂයේ ජයග්‍රහණය ස්ථිර බවයි.
සිය පක්ෂය වටා මහා ජන බලයක් නිර්මාණය වී තිබෙන බවත් සියලු පක්ෂ තුළ අර්බුද පවතින බවත් නලීන් හේවගේ මහතා පවසනවා.
ඒ හේතුවෙන් එම පක්ෂ භූමියේ දේශපාලනය කර නොමැති බවයි ඔහු පවසන්නේ.
මේවන විට එම පක්ෂ තුළ ඇති අර්බුද විසඳා ගැනීමට නොහැකි වී ඇති බව නලීන් හේවගේ මහතා වැඩිදුරටත් පැවසුවා.




