මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම කළ යුත්තේ ඉලක්කම් වලින් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති ආර්.ඒ.එල්.එම්. රත්නායක මහතා කියා සිටියේ අපේක්ෂකයෙකුට ඡන්දය සලකුණු කිරීමේදී 1 ඉලක්කමෙනුත් මනාපයන් 2 හා 3 ඉලක්කමෙනුත් සටහන් කළ යුතු බවයි.
මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරියේදී සිදු කරන බවද ඔහු කියා සිටියා.
ඡන්ද ගණන් කිරීමේදී මුල් වටයේදීම අපේක්ෂකයෙකුට අංක එක සඳහන් වන මනාපය ගණන් කරන බවත් එහිදී සමස්ත ප්‍රතිවලින් 50%ක් කිසියම් අපේක්ෂකයෙකු ලබාගෙන තිබුණහොත් මනාප ගණන් කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බවයි ඒ මහතා පවසන්නේ.
නමුත් එසේ නොවුවහොත් පළමු සහ දෙවැනි අපේක්ෂකයන් ඉතිරි කර දෙක හා තුන්වන මනාප ගණන් කිරීම සිදුකරන බවද ආර්.ඒ.එල්.එම්. රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියා.




