spot_img
spot_img

රනිල්ට පක්ෂ හා සන්ධාන 34ක සහාය

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක් අත්සන් කර තිබෙනවා.

ඒ බත්තරමුල්ල වෝටස් එජ් හෝටලයේදීයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ රැසක නියෝජිතයෝ මෙම ගිවිසුම් අත්සන් කිරීමට සහභාගී වුණා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සහ ඒ.එච්.එම් ෆවුසි මහතා ද ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

සමගි ජන බලවේගය පක්ෂයේ මුජිබර් රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ඒ.එච්.එම් ෆවුසි මහතා නම් කෙරුණා.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වීමේ අරමුණින් මුජිබර් රහුමාන් මහතා එලෙස පසුගිය දා සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වූ අතර පසුව ඔහු යළිත් පාර්ලිමේන්තුවට පත් කෙරුණා.

ඩයනා ගමගේ ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමගි ජන බලවේගය විසින් මුජිබර් රහුමාන් ව එලෙස යළිත් නම් කළා.

“පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට අත්සන් තැබූ පිරිස පහතින්,

ඒ අනුව මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ අලි සබ්රි යන මහත්වරුන් “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට අත්සන් තැබුවා.

එමෙන්ම නව සන්ධානය නියෝජනය කරමින් සුසිල් ප්‍රේම්ජයන්ත, පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් අනුර ප්‍රියදර්ශන යාපා, එක්සත් මහජන පක්ෂය නියෝජනය කරමින් ටිරාන් අලස්, සමගි ජන බලවේගය නියෝජනය කරමින් රාජිත සේනාරත්න සහ ඒ.එච්.එම්. ෆවුසි යන මහත්වරුන්ද අත්සන් තබා තිබුණා.

මීට අමතරව ශ්‍රී ලංකා මහජන පක්ෂය වෙනුවෙන් අසංක නවරත්න, නව ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කුමාර වෙල්ගම, නිදහස ජනතා සභාව වෙනුවෙන් උදයන කිරිඳිගොඩ, ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන මොහොමඩ් මුසම්මිල්, ජාතික කොංග්‍රසය වෙනුවෙන් ඒ.එල්.එම්. අතාවුල්ලා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙමළ සහ මුස්ලිම් පක්ෂ නියෝජිතයින් රැසක් ද මේ සඳහා අත්සන් තැබුවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...