මෙරට ජනතාවගේ අවශ්‍යතාවයන් සහ අහිංසක බලාපොරොත්තු ඉටුකිරීම සිය වගකීම ලෙස සලකන බව ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු පවසන්නේ අහිංසක දෙමව්පියන්ගේ මෙන්ම තරුණයන්ගේ බලාපොරොත්තු ඉටු කළ හැකි දැවැන්ත වැඩපිළිවෙළක් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින බවයි.
ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදීමෙන් පසුව නාමල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා.
තමන් මෙම මැතිවරණයට ඉදිරිපත් වූයේ ජයග්‍රහණය කිරීමට බවත් මෙරට ජනතාව සහ රට ආරක්ෂා කිරීමේ දැඩි අවශ්‍යතාවයක් තමන්ට ඇති බවත් රාජපක්ෂ මහතා පවසනවා.
නූතන පරම්පරාවේ දේශපාලන සහ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට තමන්ට හැකියාවක් ඇති බවත් මෙරට අම්මා තාත්තගෙන්, තරුණයන්ගෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතු වන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කලා.
ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ අපේකම ආරක්ෂා කරන ගමන් නූතන පරම්පරාවට ගැළපෙන ආකාරයට රට සකස් කිරීමට නවීකරණය සඳහා ගමන් කිරීමට එකතුවන ලෙස ඉල්ලා සිටින බව ද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියා.




