spot_img
spot_img

පාකිස්තානයෙන් පළමු mpox ආසාධිතයා වාර්තා වෙයි

ගෝලීය වසංගතයක් බවට නම් කර ඇති mpox හෙවත් වඳුරු උණ වෛරසය ආසාධිත පුද්ගලයෙක් පාකිස්තානයෙන් ද සොයා ගෙන තිබෙනවා.

පාකිස්තානයෙන් වාර්තා වූ වසරේ පළමු වඳුරු උණ රෝගියා ලෙසයි ඔහු හඳුන්වා ඇත්තේ.

මෙසේ mpox හෙවත් වඳුරු උණ වෛරසයට ගොදුරු වී ඇත්තේ වයස අවුරුදු 34ක් වන පුද්ගලයෙක්.

මේ අතර වඳුරු උණ වෛරසය අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයෙන් ද සොයාගෙන තිබෙනවා.

එම නගරයේ අපජලය ලබාගෙන සිදු කළ සාම්පල පරීක්ෂණයක දී මෙම වෛරසය සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

වඳුරු උණ වැළඳුණු රෝගියෙකු ඊයේ (15) ස්වීඩනයෙන් වාර්තා වූ අතර, අප්‍රිකානු මහද්වීපය පුරා පැතිර යන මෙම වෛරසය වැළඳුණු රෝගියෙකු ඉන් පිටත හමු වූ පළමු අවස්ථාව මෙයයි.

මෙම වෛරසය වැළදීමෙන් අප්‍රිකානු මහද්වීපයේ පුද්ගලයින් 450 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...