spot_img
spot_img

පොදු ජන යුගයක් බිහි කරන්න එකතු වෙන්න – සජිත්

පොදුජන යුගයක් බිහි කිරීමට එක්වන්නැයි ප්‍රජාතන්ත්‍රවාදය අගය සියලුම ජනතාවට ආරාධනා කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසුවා.
ලක්ෂ 220ක් ජනතාව ගත කරන දුකින් මුදවා ගන්නා සැමට සෞභාග්‍ය ලැබෙන සැමට සංවර්ධනය උදා කරන නව යුගයක් බිහිකිරීමේ අරමුණින් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ 2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාර දීමෙන් අනතුරුව පැමිණ සිටි පාක්ෂිකයන් අමතමිනි.
දූෂණය වංචාව හොරකම තුරන් කරන යුගයක්, පොදු ජනතාවට පරාර්ථකාමීව සේවාවක් කරන යුගයක් නියත වශයෙන් ම සැප්තැම්බර් 21 ජනාධිපතිවරණයත් සමඟ ආරම්භ වන බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.
පොදු ජනතාවගේ හයියෙන් ලක්ෂ 220ක් ජනතාව දිනවන ගමන සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය යන බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
රට ගොඩගත හැකි උගත් බුද්ධිමත් කණ්ඩායම සිටින්නේ සමගි ජන බලවේගයට හා සමගි ජන සන්ධානයට බවත් ශ්‍රී ලංකාව ලොව අංක 1ට ගෙන ඒමට මෙම කණ්ඩායම සමග කටයුතු කරන බවත් ඔහු කීවේය.
සියලු දේ කැපකර පොදුජනතාව ජිවත් කරවන, රටේ නීතියට ගරු කරන, අහිමි වූ දේපල සම්පත හොරා කාපු මුදල් නැවත රටට ලබා
ගන්නා පොදුජන යුගය බිහි කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී තවදුරටත් පැවසීය. මෙම අවස්ථාව සඳහා සමග ජන බලවේගයට අනුබද්ධ පක්ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාක්ෂිකයන් ඇතුළු විශාල පිරිසක්
එක්ව සිටියහ.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...