2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය අදින් (16) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.
රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් සඳහා මෙසේ අද සිට දෙවන පාසල් වාරය අවසන් වන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
එමෙන්ම තෙවන පාසල් වාරයේ පළමු අදියර 2024.08.26 වන සඳුදා දින ආරම්භ වනවා.




