spot_img
spot_img

සිරිකොත පක්ෂ මූලස්ථානයට සල්ලි වියදම් කළ ඒ.එස්. පී. ලියනගේ සජිත්ට කඩේ යයි

ශ්‍රී ලංකාවේ නායකත්වය අනිවාර්යෙන්ම වෙනස් විය යුතු බව ජනාධිපතික අපේක්ෂක ඒ.එස්. පී. ලියනගේ මහතා පවසනවා.

ඔහු පවසන්නේ ජනතාව මෙවරද වරදගතහොත් දැඩි දුක්ඛිත තත්ත්වයකට පත්වීමට සිදුවන බවයි.

අද (15) නාමයෝජනා පත්‍ර ලබාදීමෙන් අනතුරුව ඒ මහතා මාධ්‍යට අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

ශ්‍රී ලංකාවේ ජනතාව වසර 75ක් දූෂිතයන්ට රැවටී සිටින බවත් මෙම මැතිවරණයේදී ආණ්ඩුවට දූෂිතයන් සියලුම දෙනා එකතු වී ඇති බවත් ඔහු සඳහන් කලා.

මෙවර අනුර කුමාර හෝ සජිත් ජයග්‍රහණය කරනු ඇති බවත් එම දෙපළගෙන් කවුරු ජයග්‍රහණය කලද ප්‍රශ්නයක් නොමැති බවත් ඔහු කියා සිටියා.

එමෙන්ම සිරිකොත පක්ෂ මූලස්ථානයට මුදල් වියදම් කළේ තමන් බවත් ඔහු එහිදී පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ.එස්. පී. ලියනගේ මහතා :

” නියත වශයෙන්ම පවතින රජය මාරු වෙනවා. මේ පාරත් අපි රැවටුනොත් ජීවිතේම ඉවරයි. ඒ නිසා ඒ ජරා වලට රට ආයේ පාරක් වට්ටන්න දෙන්න එපා. සජිත් ආවත් හොඳයි කියලා අපිට හිතෙනවා.

සිරිකොතට මිලියන ගනන් සල්ලි වියදම් කලේ මම. සමහර දවස්වලට ජනාධිපතිතුමා මට කෝල් කරලා කියනවා මිලියන දෙකක් ඕනේ පඩි ගෙවන්න සල්ලි නෑ කියලා බොරුනම් ඕවා නෑ කියන්න කියලා කියන්න”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...