එක්සත් ලංකා පොදු ජන පක්ෂයේ සභාපතිවරයා හා ලේකම්වරයා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (15) නියම කළා.
ජනක රත්නායක මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සඳහා රුපියල් කෝටි 03ක අල්ලසක් ලබාගත්තේ යැයි එම පක්ෂයේ සභාපතිවරයා හා ලේකම්වරයා ඊයේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවා.
එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් 06 දෙනෙකු රුපියල් ලක්ෂ 20 බැගින් වූ පුද්ගලික ඇප මත මුදා හැරීමට ද අධිකරණය නියම කර තිබෙනවා.
අල්ලස දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි බලයේ සභාපති කාමන්ත තුෂාර මහතා අල්ලස් කොමිසමට කළ පැමිණිල්කට අනුව කළ වැටලීමකදී වැලිකඩ ප්‍රදේශයේ ප්ලාසා වෙළෙඳ සංකීර්ණයේදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබුනා.




