spot_img
spot_img

තායිලන්ත අගමැතිව ධුරයෙන් පහ කරමින් අධිකරණ නියෝගයක්

තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තවිසින් ව ධුරයෙන් ඉවත් කිරීම සඳහා එරට අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, සිරගතව සිට නිදහස් වූ නීතිඥවරයෙකු කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත් කිරීම හේතුවෙන්.

67 හැවිරිදි ස්‍රෙතා තවිසින්, වසර 16කට පසු තායිලන්තයේ අධිකරණ තීන්දුවකින් නෙරපා හරින ලද තුන්වන අගමැති බවයි වාර්තා වෙන්නේ.

එම තීන්දුව ලබා දෙමින් අධිකරණය පෙන්වා දී ඇත්තේ ස්‍රෙතා තවිසින්, ඔහුගේ ධූරය හා සම්බන්ධ ආචාර ධාර්මික නීති උල්ලංඝනය කර ඇති බවයි.

පාර්ලිමේන්තුවෙන් නව අගමැතිවරයෙක් පත් කරන තුරු තායිලන්තයේ වත්මන් කැබිනට් මණ්ඩලය ක්‍රියාත්මක වන බවද වාර්තා වෙනවා.

ශ්‍රී ලංකාවේ 76 වැනි නිදහස් සමරු උලෙළේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වීම සඳහා තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ස්‍රෙතා තවිසින් මහතා පසුගිය පෙබරවාරි 03 වන දින මෙරටට පැමිණියා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...