spot_img
spot_img

Breaking: ජනපති සටනට එන පක්ෂයක අල්ලස් ගන්න හදපු පිරිසක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපතිවරයකු වන ජනක රත්නායක මහතාට එක්සත් ලංකා පොදුජන පක්‍ෂයෙන් නාමයෝජනා දීමට රුපියල් ලක්‍ෂ 300 ක අල්ලස් මුදලක් ගැනීමේදී එම පක්‍ෂයේ ලේකම්වරයා ඇතුළු විධායක සභිකයන් කීපදෙනකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව පවසනවා.

අල්ලස දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි බලයේ සභාපති කාමන්ත තුෂාර මහතා අල්ලස් කොමිසමට කළ පැමිණිල්කට අනුව කළ වැටලීමකදී වැලිකඩ ප්‍රදේශයේ ප්ලාසා වෙළෙඳ සංකීර්ණයේදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර එම පක්‍ෂයේ හිටපු ලේකම් සහ එම පක්‍ෂයෙන් 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්‍ෂකයෙක් ද සිටින බවත් ඔවුන්ගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවත් වැඩිදුරටත් වාර්තා වනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...