spot_img
spot_img

ඡන්දේ ළඟ නිසා ඇමතිට මල පනී – අමාත්‍යාංශයේ කොටසක් එපා කියයි

මෙවර යල කන්නයේ දී වී මිල දී ගැනීමට මුදල් ලබා නොදෙන්නේ නම් වී අලෙවි මණ්ඩලය වහාම තමාගේ විෂය පථයෙන් ඉවත් කර මුදල් අමාත්‍යාංශයට පවරා ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට ලිපියකින් දන්වා තිබෙනවා.

අමාත්‍යවරයා පවසන්නේ පසුගිය වගා කන්න කිහිපය පුරාම වී මිල දී ගැනීම සඳහා මුදල් ලබා දෙන ලෙස ඉල්ලීම් කළත් මුදල් අමාත්‍යාංශයේ වගකිව යුතු නිලධාරීන් හිතාමතාම වී අලෙවි මණ්ඩලය අක්‍රීය කිරීම සඳහා කටයුතු කරමින් මුදල් දීම ප්‍රතික්ෂේප කරන බවයි.

වී සඳහා ගොවියාට සාධාරණ මිලක් ලැබීමට නම් වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී ගත යුතුව ඇතැයි ද නමුත් වී අලෙවි මණ්ඩලයට දිගින් දිගටම මුදල් නොදෙන්නේ නම් අලෙවි මණ්ඩලය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ තබා ගැනීම ඵලක් නැති බවද අමාත්‍යවරයා ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...