spot_img
spot_img

සජිත්ගෙන් රනිල්ට ඩිල්ස්කූප් ප්‍රහාරයක් – ඩිල්ශාන්ගේ සහයත් සජිත්ට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන තිලකරත්න ඩිල්ශාන් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස⁣ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබෙනවා.

සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනැගීමේ ගමනට සහාය පළ කිරීමේ අරමුණින් ඒ මහතා සමගි ජන බලවේගය හා එක්ව තිබෙනවා.

වසර 17කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ තිලකරත්න ඩිල්ශාන් මහතා කලක් එහි නායකත්වය ද හෙබ වූවා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගෙන් පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික්, බේරුවල සංවිධායක හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් පත් කර තිබෙනවා.

ඊට අදාළ පත්වීම් ලිපිය ලබා දී ඇත්තේ ඔහු අද (14) පෙරවරුවේ විපක්ෂනායක කාර්යාලයේදී විපක්ෂනායකවරයා හමු වු අවස්ථාවේදියි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...