Friday, April 24, 2026
spot_img
spot_img

මහබැං​කු කොල්ලය නිසා තමයි ගෑස්, තෙ​ල් පෝලිම් ඇතිවුනේ – විජිත හේරත්

එදා පැව​ති ගෑස් සහ තෙල් පෝලිම් නැති කළේ ජනාධිපතිව රනිල් වික්‍රමසිංහ මහතා බවට ඔ​හු පවසන බව පාර්ලිමේන්ති මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා.

මන්ත්‍රීවරයා පවසන්නේ, මහබැංකු කොල්ලය සිද්ධ වුණේ නැතිනම් ගෑස් සහ ඉන්ධන පෝලිමක් ඇති වන්නේ නැති බවයි.

අද වන විට රනිල් වික්‍රමසිංහ මහතා සමග එකට එක්ව ඇත්තේ කප්පම්කාර සහ හොර මැරකම් ක​ළ දේශපාලකයින් බවයි විහිත හේරත් මහතා පවසන්නේ.

ඔහු මේ බව කියා සිටියේ, ජාතික ජන බලවේගය සංවිධානය කළ තිහාරිය ප්‍රදේශ​යේ පැවති ජන හමුවක් අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා;

“අද රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා කියනවා ගෑස් පෝලිම් තෙල් පෝලිම් නැති කලේ උන්නැහැ ඇවිල්ලලු.මහ බැංකු කොල්ලය සිද්ධ වුණේ නැත්නම් ගෑස් පෝලිම් තෙල් පෝලිම් එන්නේ නෑ. බැසිල් රාජපක්ෂ මුදල් ඇමති කාලේ IMF හොර සාකච්ඡා පටන් ගත්තේ,ඔය පළවෙනි ගිවිසුම හොරෙන් ගැහුවේ එදා ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට සාකච්ඡාවකට එන්න කිව්වා.රනිල් වික්‍රමසිංහත් තනි මන්ත්‍රීවරයා ගියා. ගිය වෙලවේ මතකද රනිල් වික්‍රමසිංහ බැසිල් රාජපක්ෂගෙන් ඇහුවා IMF එකත් එක්ක ගහපු ගිවිසුම කෝ,ඒක අපිට පෙන්නන්න කියලා.බැසිල් කිව්වා නෑ ඒක පෙන්නන්නේ නෑ කියලා. ඔයා​ට ඩ්‍රාෆ්ට් එකද ඕනී කියලා මුහුණටම ඇහුවා මතකද? එතකො​ට රනිල් හිටියේ මූණ ඇඹරිලා රතු වෙ​ලා. ගෝඨාභය රාජපක්ෂට බලයට එනකොට මහජනතාවට දීපු පොරොන්දුව තමයි මහබැංකු කොල්ලකරුවන්ට දඩුවම් දෙනවා කිය​ලා. නීතිය ක්‍රියාත්මක කරනවා කියලා.ඒ හොර තක්කඩියෝ ටික තමයි අද රනිල් එක්ක එකට එකතු වෙලා තියෙන්නේ. මහබැංකු හොරා​යි,සීනි හොරා​යි ,සූදුලූණූ හොරා​යි, කප්පම්කාරයෝ ඔක්කොම අද ඉන්නේ රනිල් එක්ක රනිල් වටේ එක ඔඩොක්කුවේ.”

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...