ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 29ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 15ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 11ක් ලෙස නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 26ක් සහ වෙනත් පැමිණිලි 03ක් ලෙස සමස්ත පැමිණිලි 29ක් ලැබී ඇති බවයි සඳහන් වන්නේ.
මේ අතර පසුගිය ජුලි 31 සිට ඊයේ (12) දිනය දක්වා සමස්ත පැමිණිලි 366ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.
මෙහිදි ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිල්ලක් වෙනත් පැමිණි 10ක් සහ නීතිරීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 355ක් ලැබී ඇති බව වාර්තා වනවා.
Comments




